Loading…

READY TO ROCK?

Click the button below to start exploring our website and learn more about our awesome company
Start exploring

අපගේ ඉතිහාසය

වර්ෂ 2002 ක්  වූ  ඔක්තෝම්බර් මස වන දින1972 අංක 05 දරන පාර්ලිමේන්තු පනත යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක දිස්ත්‍රික් සමුපකාර සමිතියක් ලෙස නිත්‍යානුකුලව ආරම්භ කරන ලද සීමා සහිත හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රග්ධන සමුපකාර බැංකුව ඉන් මසක් ගතවන විට තම පළමු ව්‍යාපාරික ස්ථානය ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. ඒ වර්ෂ 2002 ක් වූ නොවැම්බර් මස 05 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත නගරයෙහි පිහිටි කුඩා ගරාජ් කාමරයක තම ප්‍රධාන කාර්යාලය හා බෙලිඅත්ත ශාඛාව ආරම්භ කිරීමෙනි.ප්‍රථමික ගනයේ දිස්ත්‍රික් සමුපකාර සමිතියක් ලෙස තම සාමාජික අරමුණු මුදුන් පමුණුවා ගැනිම උදෙසා මුල්‍ය සේවාව සැපයීම පෙරදැරි කර ගනිමින් ඉතා කුඩා ආරම්භක ප්‍රාග්ධනයකින් ආරම්භ කරන ලද හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාග්ධන සමුපකාර බැංකුව තම  මුලික අරමුණ වශයෙන් රැකියා විරහිත උසස්පෙළ සමත් තරුණ තරුණියන් උදෙසා සෘජු හා වක්‍ර රැකියා අවස්ථාවන් උත්පාදනය කිරීමේ උත්කෘෂ්ඨ පරමාර්ථය පෙරදැරි කර ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා විසිරි පැතිර සිටින ජනතාව උදෙසා තෘප්තිමත් සේවාවක් සැපයීම තුලින් ශක්තිමත් සමුපකාර බැංකුවක් බිහිකිරීමේ අධිෂ්ඨානශිලී ගමන ආරම්භ කරන ලදී.

නිසි මගපෙන්වීමක් නොලබමින්  මුලුගැන්වී තිබු ජවසම්පන්‍ය තරුණ්‍යයේ ශක්තිය රටේ සංවර්ධනයට සෘජුවම ලබා දීමේ.තිරසාර වැඩපිළිවෙලෙහි උතුම් මෙහෙවර ප්‍රකාශය “තරුණ්‍යයේ බල ගැන්වීම තුලින් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරා ගෙන යන්නෙමු ” ලෙස පරමාදර්ශය කර ගනිමින් දේශයේ විශිෂ්ඨතම සමුපකාර බැංකුව තෙක් යන ගමන රුපියල් හතලිස් දෙදහසක් වැනි සුළු මුදලකින් ආරම්භ කලද එවකට මුල්‍ය ක්ෂේත්‍රය තුල පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදයන්හි පැවති දුර්වලතා හදුනා ගැනීම තුලින්  සාම්ප්‍රදායික සේවාවක් සැපයීමේ ක්‍රම වලින් බැහැරවෙමින් “බැංකුව තුලට ගනුදෙනුකරු ”යන එවකට පැවති සංකල්පය  වෙනුවට “ගනුදෙනුකරු ලඟට බැංකුව” යන සංකල්පය මත ගොඩනැගුනු කාර්යක්ෂම මුල්‍ය සේවාවක් සැපයීමේ ක්‍රියාවලියට අවතීර්ණ වුයේ මුල්‍ය ක්ෂේත්‍රයේ සියලුම මුල්‍ය ආයතන සඳහා කිසියම් අභියෝගයක් මතුකරමිනි.ගම් නියම් ගම් සිසාරා දොරින් දොර ජනතා අවශ්‍යතාවයට අනුව සේවාව සැපයීමටත් ,කාර්ය බහුල ගනුදෙනු කරුවන් සඳහා අවශ්‍ය දෛනික සේවාව සැපයීමක් යන කරුණු පදනම්ව මුල්‍ය ක්ෂේත්‍රය තුල සේවාව සැපයීමේ ක්‍රමවේදයන් උඩුයටිකුරු කරමින් කාර්යක්ෂම මුල්‍ය සේවාවක් සැපයීම තුල  කෙටි කලක් යාමට මත්තෙන් ජනතාව තුල ලැගුම්ගත් ආයතනයක් බිහි කිරීමේ දුෂ්කර වූ කාර්ය සපුරා ගැනීමට හැකි වීම ආයතනයක් වශයෙන් ලද විශාල ජයග්‍රහණයක් විය.

එහි ප්‍රතිපලය බවට පත් වුයේ බෙලිඅත්තෙන් ආරම්භ කල ගමන් මග වසර 2ක් වැනි කෙටිකාලයක් තුල ශාඛා 10ක් බවට පරිවර්ථනය වීම හා හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ජනතාවගේ මුල්‍ය අවශ්‍යතාවයන් උදෙසා වඩාත් ආකර්ශනීය හා කාර්යක්‍ෂම මුල්‍ය සේවාවක් සපයමින් තිරසාර හා දැවැන්ත සමුපකාර බැංකුවක් නිර්මාණය විමයි.

වර්ථමානය වන විට ශාඛා 13කින් යුත් ශාඛා ජාලයකින් හා එකසිය පනහකට ආසන්න කාර්යමණ්ඩලකින් යුක්තව දිස්ත්‍රික්කය පුරා දිනකට ගනුදෙනු කරුවන් දසදහසකට ආසන්න පිරිසකට තම මුල්‍ය අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා සේවාව සපයන.හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්‍ය සේවාව සැපයීම අතින් ප්‍රමුඛ ස්ථානය ගෙන කටයුතු කරන ආයතනය බවට පත්ව ඇති බවද සඳහන් කල යුතුය.

 

 

01.උද්යෝගිමත් හා ජවසම්පන්න කාර්ය මණ්ඩලයක්

අප ආයතනය විසින් ගනුදෙනුකරුවන් සඳහා සපයනු ලබන සේවාව වඩාත්  කාර්යක්ෂම සහ ආකර්ශනීය කිරීම අරමුණු කර ගනිමින් තම වගකීම් මනා ලෙස අවබෝද කොට ගත් උද්යෝගිමත් හා ජවසම්පන්න කාර්ය මණ්ඩලයක් අප සතුවන අතර ඔවුන් සියලු දෙනාම අවුරුදු 21ත් 35ත්අතර අයවේ.

නිලධාරීන් බඳවා ගැනීමේදී අවම අධ්‍යාපන සුදුසුකම අ.පො.ස.උසස්පෙළ සමත්වීම වන අතර ක්‍රමානුකුල ප්‍රායෝගික පුහුණුවකින් පසු ස්ථිර සේවය සඳහා පත්කරනු ලැබේ.

තම සේවාව ලබා ගනු ලබන ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් මානව හදුනාගනිමින්  වඩා ආකර්ශනීය සේවාවක් ලබා දීම සඳහා දැනුමින් හා අත්දැකීම් තුලින් පරිපුර්ණ , මුල්‍ය සේවාව පිලිදව සුවිශේෂී පුහුණුවක් ලත් සමතුලිත කාර්යමණ්ඩලයක් අප සතුය.

සමස්ත කර්යමන්ඩලයෙන් 40% ක් නිලධාරීන් වන අතර දෛණික සේවාව සැපයීම කාර්යක්ෂම කිරීම පිණිස එය 50% දක්වා ගෙන ඒමට සැලසුම් කර ඇත.


02.ක්‍රමවත් හා අකන්ඩ පුහුණු ක්‍රියාවලියක්

ආයතනික පුහුණු ක්‍රියාවලිය ප්‍රයෝගික හා න්‍යායාත්මක යන අංශ දෙකෙන්ම සිදු කරනු ලබන අතර  පියවරෙන් පියවර ක්‍රමානුකුලව පුහුණු ක්‍රියාවලියකට යටත් කොට ක්‍රියාත්මක කරනු ලබයි.

 

03.තනතුරු ඇබෑර්තු හා උසස්වීම්

යම් ඇබෑර්තු තනතුරක් සඳහා ආයතනයේ කාර්යමණ්ඩලය තුලින්ම ඉල්ලුම්පත් කැඳවනු ලබන අතර සේවාකාලය තුල ඔවුගේ කුසලතාවයන් හා ගුනාත්මක හැකියාවන් සැලකිල්ලට ගනිමින් අදාල තනතුර සඳහා පත්කරනු ලබයි.